Skip to main content
මහා සංඝගත දක්ෂිණාව
නමෝ බුද්ධාය! ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය පන්සල් භුමියෙහි ඉදි වෙමින් පවතින ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපයෙහි තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බුදු සසුනට පූජා කීරීමේ පුණ්‍ය මහෝත්සවය හා සමගාමීව 2020/02/27 දින මහත් ගෞරවයෙන් යුතුව වැඩම කරවන ලද මහා සංඝ රත්නය උදෙසා සිදු කළ දක්ෂිණාව විශ්වවිද්‍යාලයීය පන්සල් භුමියෙහිදී බෞද්ධ සංගමයේ සහෝදර පිරිස ඇතුළු තවත් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. රැස් කළා වූ ඒ අප්‍රමාණ පුණ්‍යදර්මයන් පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා! ජින වචන නදී චිරං වහතූති !
  Read More
උතුම් ශ්‍රී පාද වන්දනාව -2025
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලීය බෞද්ධ සංගමය මගින් 2025 වසරේ සිරිපා වන්දනා සමයට සමගාමීව සංවිධානය කරනු ලැබූ "උතුම් ශ්‍රී පාද වන්දනාව -2025" වැඩසටහන යටතේ මැදින් මස 21 සහ 22 යන දින දෙකෙහිදී අප සාර්ථක ලෙස සිරිපා කරුණා කරන්නට යෙදිනි.
  Read More
ධර්ම දේශනාව -2025
අතිපූජ්‍ය ආචාර්‍ය මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ ධර්ම දේශනාමය පිංකම ඉතාමත් සාර්ථක ලෙස 2025.01.17 දින විශ්වවිද්‍යාලයීය, මහාචාර්‍ය ජේ. ඩබ්. දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
  Read More
"අපේක්ෂාවේ මනුදම" -2024

2024 පොසොන් පොහොය දිනය නිමිති කොට ගෙන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය මඟින් සංවිධ

  Read More
"පාරමී දන්" - 2023 වාර්ෂික දානමය පිංකම.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දානමය පිංකම;

  Read More
රුවන්වැලි මහා සෑ රදුන් උදෙසා සිදු කල කිරි ආහාර දානමය පිංකම
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ පින්වත් මිතුරු කැල විසින් 2022/1/22 දින හිමිදිරි උදෑසන රුවන්වැලි මහා සෑ පුණ්‍ය භූමියෙහි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරඡාණන් වහන්සේ උදෙසා ආදර ගෞරවයෙන් පූජා කල කිරි ආහාර දානයෙහිලා රැස් කරගත් පුණ්‍ය සම්භාරය මෙලෙස අනුමෝදන් කරමු..
  Read More
දානමය පින්කම - 2022
2022/03/06 වන දින බලංගොඩ  මහමෙව්නාව භාවනා අසපු පින්බිමේදී අපගේ ශාස්තෘන් වහන්සෙ වූ මහා කාරුණික සුගත තථාගත සම්මා සම්බුදුරජුන්ටත් ආර්ය මහා ශ්‍රාවක සඝරුවන උදෙසාත් පවත්වන්නට යෙදුණු බව සතුටු සිතින් දැනුම්දීමට කැමැත්තෙමු....
  Read More
පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ පින්කම
නමෝ බුද්ධාය! වසර 28 පමණ පසු විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගම‌යේත් අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේත් සැදැහැති දායකත්වයෙන් විශ්වවිද්‍යාලයීය පන්සල් භූමියෙහි අබලන් වූ ‌බෝධි මණ්ඩපය ඉවත් කර ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපය වශයෙන් අභිනවයෙන් ඉදි වන්නට නියමිතය. එහි මූලික අදියර ‌ලෙස මහත් හරසරින් යුතුව තැන්පත් කරන ලද පිළිම වහන්සේ නිරාවරණය කර ගෞතම බුදු සසුනට පූජා කිරීම 2020/02/27 දින සිදු විය. දහසත් සිත් නිවා සනසාලන ඒ් සොදුරු උත්තම පූජාව පින් සිතැත්තෝ අනුමෝදන් වෙත්වා! ජින වචන නදී චිරං වහතූති !
  Read More