Skip to main content
damma-deshana-2025-1

ධර්ම දේශනාව -2025

අතිපූජ්‍ය ආචාර්‍ය මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ ධර්ම දේශනාමය පිංකම ඉතාමත් සාර්ථක ලෙස 2025.01.17 දින විශ්වවිද්‍යාලයීය, මහාචාර්‍ය ජේ. ඩබ්. දයානන්ද සෝමසුන්දර ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

ධර්ම ශ්‍රවණය සඳහා විශ්වවිද්‍යාලයීය සිසුන්, ආචාර්‍ය මණ්ඩලයේ සහ අනධ්‍යන සේවක මණ්ඩලයේ පිරිස් මෙන්ම ගම්වාසීන්ද සහභාගී විය.

මූල්‍යමය ආධාර දරමින් සහ ශ්‍රම දායකත්වයෙන් පිංකම සාර්ථක අයුරින් සිදුකර ගැනීමට උපකාර කළ ඔබ සියලු දෙනාටත්පින්කම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමින් සම්බන්ධ වූ ඔබ සැමටත්, මෙම උතුම් පින්කමෙහිලා රැස් වූ පුණ්‍ය සම්භාරය එක ලෙස අනුමෝදන් වෙත්වා!

තෙරුවන් සරණයි!

බෞද්ධ සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය