Skip to main content

උතුම් ශ්‍රී පාද වන්දනාව -2025

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලීය බෞද්ධ සංගමය මගින් 2025 වසරේ සිරිපා වන්දනා සමයට සමගාමීව සංවිධානය කරනු ලැබූ "උතුම් ශ්‍රී පාද වන්දනාව -2025" වැඩසටහන යටතේ මැදින් මස 21 සහ 22 යන දින දෙකෙහිදී අප සාර්ථක ලෙස සිරිපා කරුණා කරන්නට යෙදිනි.

සිරිපා වන්දනාව සඳහා 43 ක පමණ සිසු පිරිසක් සම්බන්ධ වූ අතර, පලමු වරට සිරිපා කරුණා කළ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කෝඩු චාරිත්‍ර ඉටු කිරීමද මෙහිදී සිදු කරන ලදි. 

සිරිපා කරුණා වැඩසහනට අනුමැතිය ලබා දෙමින් සහය වූ  උපකුලපතිතුමන්, බෞද්ධ සංගම් ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික දිල්ශාන් සර් ඇතුලු මේ අසිරිමත් සිරිපා වන්දනා වැඩසටහන සාර්ථක කර ගැනීම උදෙසා අප පිරිසට සංග්‍රහ කටයුතු කළ සියල්ලන්ටත් වැඩසටහන වෙනුවෙන් සහභාගී වූ ඔබ සැමටත්, නේකවිධ ලෙස උපකාර කළ සැමටත් බෞද්ධ සංගමය වශයෙන් අපගේ පුණ්‍යානුමෝදනා එකතු කිරීමට කැමත්තෙමු.

තෙරුවන් සරණයි!

බෞද්ධ සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය