Skip to main content
වාර්ෂික දානමය පිංකම

"පාරමී දන්" - 2023 වාර්ෂික දානමය පිංකම.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දානමය පිංකම;

2023/02/26 වන දින බලංගොඩ මහමෙව්නාව භාවනා අසපු පින්බිමේදී අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ආර්ය මහා ශ්‍රාවක සඟ රුවන උදෙසාත් පිරිකර සහිතව පවත්වන්නට යෙදුන බව සතුටු සිතින් දැනුම්දීමට කැමැත්තෙමු.

මෙම පිංකම සුවසේම කිරීමට අනුශාසනා කළ බලංගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ පිංවත් සංඝෝපස්ථායක ස්වාමින්වහන්සේත්, දානමය පිංකමට සමගාමීව අප කෙරෙහි අනුකම්පාවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කොට වන්දනා කිරීමට අවස්ථාව සැලසූ පිංවත් ස්වාමින්වහන්සේලාත්, නිදුක්ව නීරෝගීව දීර්ඝායුෂ සම්පත්තය ලබා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදු සසුනේම අවබෝධ කරත්වා!!!

එලෙසම, මෙම උතුම් පිංකම සඳහා අපට අනුශාසනා කළ අපගේ පිංවත් අනුශාසක ආචාර්යවරුන් ඇතුලු අනෙකුත් ආචාර්යවරුන්ටත්, මේ පින්කම උදෙසා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාත්, මූල්‍යමය වශයෙන් සඝරුවන කෙරෙහි සිත් පහදා දන් පිදීමට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලුදෙනාත්, විශ්වවිද්‍යාලයේ සියලුම සහෝදර සහෝදරියන්ටත්, විශ්වවිද්‍යාලයීය කළණ මිතුරු සංසදයේ සියලුම සහෝදර සහෝදරියන්ටත්, පිංකමට විශේෂයෙන් පිරිකර පිණිස දායක වූ විදේශගතව සිටින පිංවත් සහෝදරියටත්, වචනෙකින් නමුදු සහසම්බන්ධ වූ සියලුම දෙනාටත්, දැකබලා අසා සාදු යැයි අනුමෝදන් වීමට කැමති සියලු පින්වත් ඔබ සැමටත් මේ රැස්කළ මහත්ඵල මහානිසංස පින එක සේ අනුමෝදන් වෙත්වා!!!

සියලු දෙනාට මේ උතුම් ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබීමට මේ පින් සියලු දෙනාටම එකසේ හේතු උපකාර වේවා!!! ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර පිණිසම මේ පින් හේතු උපකාර වේවා යැයි පුණ්‍යානුමෝදනා කරමු.

තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය!!!