නමෝ බුද්ධාය!
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය පන්සල් භුමියෙහි ඉදි වෙමින් පවතින ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපයෙහි තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර බුදු සසුනට පූජා කීරීමේ පුණ්‍ය මහෝත්සවය හා සමගාමීව 2020/02/27 දින මහත් ගෞරවයෙන් යුතුව වැඩම කරවන ලද මහා සංඝ රත්නය උදෙසා සිදු කළ දක්ෂිණාව විශ්වවිද්‍යාලයීය පන්සල් භුමියෙහිදී බෞද්ධ සංගමයේ සහෝදර පිරිස ඇතුළු තවත් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. රැස් කළා වූ ඒ අප්‍රමාණ පුණ්යදර්මයන් පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා!
ජින වචන නදී චිරං වහතූති !
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දානමය පිංකම;
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ පින්වත් මිතුරු කැල විසින් 2022/1/22 දින හිමිදිරි උදෑසන රුවන්වැලි මහා සෑ පුණ්‍ය භූමියෙහි අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරඡාණන් වහන්සේ උදෙසා ආදර ගෞරවයෙන් පූජා කල කිරි ආහාර දානයෙහිලා රැස් කරගත් පුණ්‍ය සම්භාරය මෙලෙස අනුමෝදන් කරමු..
2022/03/06 වන දින බලංගොඩ මහමෙව්නාව භාවනා අසපු පින්බිමේදී අපගේ ශාස්තෘන් වහන්සෙ වූ මහා කාරුණික සුගත තථාගත සම්මා සම්බුදුරජුන්ටත් ආර්ය මහා ශ්‍රාවක සඝරුවන උදෙසාත් පවත්වන්නට යෙදුණු බව සතුටු සිතින් දැනුම්දීමට කැමැත්තෙමු....
නමෝ බුද්ධාය!
වසර 28 පමණ පසු විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේත් අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේත් සැදැහැති දායකත්වයෙන් විශ්වවිද්‍යාලයීය පන්සල් භූමියෙහි අබලන් වූ බෝධි මණ්ඩපය ඉවත් කර ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපය වශයෙන් අභිනවයෙන් ඉදි වන්නට නියමිතය. එහි මූලික අදියර ලෙස මහත් හරසරින් යුතුව තැන්පත් කරන ලද පිළිම වහන්සේ නිරාවරණය කර ගෞතම බුදු සසුනට පූජා කිරීම 2020/02/27 දින සිදු විය. දහසත් සිත් නිවා සනසාලන ඒ් සොදුරු උත්තම පූජාව පින් සිතැත්තෝ අනුමෝදන් වෙත්වා!
ජින වචන නදී චිරං වහතූති !