“ප්‍රඥාලෝක” භාවනා වැඩසටහන - 2025
නමෝ බුද්ධාය!
ඉල් පොහොය නිමිති කරගෙන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමය හා ලියෝ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ “ප්‍රඥාලෝක” භාවනා වැඩසටහන ඉතාමත් සාර්ථක අයුරින් 2025 ඉල් මස 05 වන දින, බලංගොඩ මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන්වහන්සේ නමකගේ වැඩමවීමෙන්, විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදිණි.
මෙම උතුම් පිංකම සඳහා අපට අනුශාසනා කළ අපගේ පිංවත් අනුශාසක ආචාර්යවරුන් ඇතුලු අනෙකුත් ආචාර්යවරුන්ටත්, පින්කම සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන් සබරගමුව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයටත්, සම්බන්ධ වූ පින්වත් ඔබ සියලුදෙනාටත්, විශ්වවිද්‍යාලයේ සියලුම සහෝදර සහෝදරියන්ටත්, පින්කම උදෙසා නන් අයුරින් උපකාර කල සියළු දෙනාටමත්, දැකබලා අසා සාදු යැයි අනුමෝදන් වීමට කැමති සියලු පින්වත් ඔබ සැමටත්, මේ රැස්කළ පුණ්‍ය සංස්කාරය උතුම් ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබීමට එකසේ හේතු උපකාර වේවා!!!
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර පිණිසම හේතු උපකාර වේවා යැයි පුණ්‍යානුමෝදනා කරමු. !!!
වීඩියෝව: https://drive.google.com/file/d/1GuBdtyXD58_VMZvL9otr0RNUFcUzJKMh/preview
තෙරුවන් සරණයි!