Skip to main content

දානමය පින්කම - 2022

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන දානමය පින්කම

2022/03/06 වන දින බලංගොඩ  මහමෙව්නාව භාවනා අසපු පින්බිමේදී අපගේ ශාස්තෘන් වහන්සෙ වූ මහා කාරුණික සුගත තථාගත සම්මා සම්බුදුරජුන්ටත් ආර්ය මහා ශ්‍රාවක සඝරුවන උදෙසාත් පවත්වන්නට යෙදුණු බව සතුටු සිතින් දැනුම්දීමට කැමැත්තෙමු.

මෙම පින්කම කෙරෙහි අපට අනුකම්පාවෙන් අනුශාසනා කරමින් අප හට මහත් අනුකම්පාවෙන් දන් පැන් පිළිගත් අපගේ පින්වත් සංඝ උපස්ථායක ස්වාමින්වහන්සේ ඇතුළු මහා සඝරුවනටත්, මෙවන් කාලයක වුවද සඝරුවන උදෙසා හිත පහදවා දන්පැන් පිදීමටත් අපට සියලු යහපත සැලසූ අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකුස්වාමින් වහන්සේටත් සියලූම පිනවත් මහ සඝරුවනත් නිදුක් වේවා නීරෝගී වේවා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම බුදු සසුනේම අවබෝධ  කරත්වා!

ඒ වගේම මෙ උතුම් වූ පින්කම උදෙසා නම් අයුරින් උපකාර කර සියලු දෙනාත් මූල්‍යමය වශයෙන් සඝරුවන කෙරෙහි හිත පහදා දන් පිදීමට සම්බන්ද වූ පින්වත් ඔබ සියලු දෙනාත් වචනකින් නමුදු සහසම්බන්ද වූ සියලූම දෙනාත් දැකබලා අසා අනුමෝදන් වීමට කැමති සියලූම පින්වත් ඔබ සියලු දෙනාටත් මේ රැස්කළ මහත්ඵල මහානිසංස පින එක සේ අනුමෝදන් වෙත්වා!

සියලූම දෙනාට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින් උපකාර වේවා! ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනා තුරු සත්පුරුෂ කල්‍යාණ මිතුරන් ඇසුර පිනිසත් සත්පුරුෂ සද්ධර්ම ලැබීම පිණිසත් මේ අප රැස්කළ සියලූම පින් උපකාර වේවා යැයි පුණ්‍යානුමෝදනා කරමු.