අපේක්ෂාවේ මනුදම - 2025
නමෝ බුද්ධාය!
අපේක්ෂා ගොන්නක් පොදි බැදගත් ගැහෙන හදවත් වලට පණ පොවනු වස්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය බෞද්ධ සංගමය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද ‘අපේක්ෂාවේ මනුදම’ වැඩසටහන සාර්ථක ලෙස 2025 නිකිණි මස 30 වැනි දින මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී විශ්වවිද්‍යාලයීය ආචාර්යය මණ්ඩය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාලයීය අවට ප්‍රජාව හා තවත් විශාල සැදැහැවතුන්ගේ දායකත්වයෙන් රුපියල් 278,500 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ තවත් රුපියල් 100,000 කට ආසන්න වියළි අහාර ද්‍රව්‍ය හා පලතුරු අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන අපේම ආදරණියන් වෙනුවෙන් පරිත්‍යාග කරන ලදි.
මෙම මහඟු පිංකම සඳහා කුමන හෝ අයුරකින් දායකත්වය දැක්වූ සියලුම දෙනාටම මේ කුසලානිශංස එකසේ අනුමෝදන් වෙත්වා!
සිය ශ්‍රමය, මුදල්, සහ කාලය කැප කරමින් ඒ වෙනුවෙන් සහසම්බන්ධ වී ඔබ රැස් කරගත් කුසල කර්මයන් උතුම් වූ නිර්වාණය පිණිසම හේතු වේවා......!!!
වීඩියෝව:- https://drive.google.com/file/d/1pJz9InuWh11FrOLfmejypEX93faCTnDL/preview
තෙරුවන් සරණයි!
බෞද්ධ සංගමය,
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය.