Skip to main content

රුවන්මැලි මහා සෑ රදුන් උදෙසා කිරි පිඩු පූජා කිරීම

 

නමෝ බුද්ධාය
2020 ජුලි මස 4 වන දින එනමි උතුමි ඇසල පුන්  පෝය දින හා ඊට පසු දින විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ මූලිකත්ව‌යෙන් පවත්වාගෙන යනු ලබන  කළණ මිතුරු සංසදයේ මිතුරන් විසින් ස්වර්ණමාලී මහා සෑ රජාණන්වහන්සේ උදෙසා උදෑසන කිරි පිඩු දානය සමග පලවැල , අවුළුපත් , මී පැණි, එළ කිරි, රන් තැබිලි සහ අනෙකුත් පිරිකර සහිත පූජාවක්  සිදු කරන ලදී. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමය විසින් ඉදිකල බෝධි මන්ඩපය ස‍දහා  මහා සෑ රජාණන්වහන්සේගෙන් ලද ආශිර්වාදය සහ උපකාරය උදෙසා මෙම පින්කම සිදු කරන ලදී. සබරගමුව විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සාමාජිකයන් හා කළන මිතුරු සංසදයේ මිතුරන්ද සමිබුදු සසුනේ පිං පුරන්නා වූ  සියල්ලෝ ද මෙම පින්කම සිත්සේ අනුමෝදන් වෙත්වා!!!
ජින වචන නදී චිරං වහතූති !